ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්තායතනයේ සේවකයින් පිරිසක් ඉකුත් හත්වෙනිදා සභාපතිවරයා ඇතුළු විධායක නිලධාරීන් පිරිසක් කාර්යාල අඩස්සියේ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් (13) වෙනිදා සේවකයින් 13 දෙනෙකුගේ වැඩතහනම් කිරීමට සිදුවූ බව ලංකා සීනි සමාගමේ සභාපති විශ්රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන් මහතා පැවසීය.
2023 වර්ෂයට ලබාදෙන ප්රසාද දීමනා වැඩිකරන ලෙස ඉල්ලමින් සේවක පිරිස වැඩවර්ජනයක් නිරතවූ අතර සභාපතිවරයා සෙවනගල සීනි කර්මාන්තායතනයට පැමිණි අවස්ථාවේදී සභාපතිවරයා ඇතුළු විධායක නිලධාරීන් පැය හතරක කාලයක් කාමරයටකට දමා සිරකොට තිබිණි.
පොලීසිය මැදිහත්වී සභාපතිවරයා ඇතුළු පිරිස ඉන් මුදවාගනු ලැබීය. සී.සී.ටී.වී කැමරා දර්ශන අනුව එම පිරිස හඳුනාගෙන මෙලෙස වැඩ තහනම්කර තිබේ.
ලංකා සීනි සමාගමේ දේශපාලන පත්වීමක් ලද පුද්ගලයෙකු සේවක සේවිකාවන් උස ගන්වා මෙම ක්රියාව සිදුකර ඇති බව හෙළිවී ඇත.
විධිමත් පරීක්ෂණයකින් පසුව නිවැරදි සේවකයින් යළි සේවයේ පිහිටුවීමට පියවරගන්න බැව් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය
මොණරාගල සුමනසිරි ගුණතිලක