යුදහමුදා සෙබළකු එල්ල කළ මෝල් ගස් ප්රහාරයකින් බරපතළ තුවාල ලැබු පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා සහ යුදහමුදා සෙබලාගේ බිරිද බරපතළ තුවාල ලබා අද (4) මහියංගණ සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පදියතලාව පොලිසිය පවසයි .
මෙසේ තුවාල ලබා ඇත්තේ පදියතලාව පොලිසියේ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටි 52 හැවිරිදි බිබිල ප්රදේශයේ පදිංචි ප්රධාන පොලිස් පරික්ෂකවරයකු යැයි පොලිසිය කීය .
යුදහමුදා සෙබළා ගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබු පදියතලාව සරනගම ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි යුදහමුදා සෙබලාගේ බිරිද මහියංගණ රෝහලට ඇතුළත් කරනු ලැබිනයි පොලිසිය පැවසීය .
මෙම පොලිස් ස්ථානාධිපතිවරයා කලක පටන් මෙම සැකකාර යුදහමුදා සෙබලාගේ බිරිද සමඟ අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති බවත් , සැකකාර යුදහමුදා සෙබලා නිවසේ නොසිටි අවස්ථාවේ රාත්රි පොලිස් ස්ථානාධිපතිවරයා එම කාන්තාවගේ නිවසට ගොස් සිටියදී අද (4) අලුයම එක්වරම හොර රහසේ නිවසට පැමිණ ඇති සැකකාර යුදහමුදා සෙබලා මෙසේ නිවසේ තිබූ මෝල් ගසින් පොලිස් ස්ථානාධිපතිවරයාටත්, සෙබලාගේ බිරිද ටත් පහරදී ඇතැයි පොලිසිය සදහන් කළේය .
මෙම සිද්ධියෙන් අනතුරුව සැකකාර යුදහමුදා සෙබළා මහියංගණ පොලිසිය ට ගොස් බාර ව් ඇත.
සැකකාර යුදහමුදා සෙබලා දියතලාව යුදහමුදා කදවුරට අනියුක්තව සේවය කරන බවද පොලිසිය පවසයි
පදියතලාව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති .
ඇල්ල ප්රසාද් රුක්මාල්