කන්තලේ ප්‍රාදේශීය සභාවට අයත් සූරියපුර නවය කණුව කසල අංගනයට යාබදව කලකට පෙර කසල දැමූ කුණු වලේ කසල කෑමට එන වල් අලි අතර මේ දිනවල ඇතෙක්ද දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් පවසයි.
සෝමාවතී රක්ෂිතයේ සිට කන්තලේ සේරැනුවර මාර්ගය හරහා පැමිණෙන මෙම ඇතා ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු දැක ඇති අතර මීට පෙර මෙවැනි ඇතෙකු දක්නට නොලැබුන බව පවසයි.
අමේ තත්ත්වය තුළ දඩයම් කරුවන්ගේ බිල්ලක් බවට එම ඇතා පත්වීමට ඉඩ ඇති බව ප්‍රදේශවාසීහු අවධාරණය කරති.
ත්‍රිකුණාමලය චමෝද්‍යා