සූර්ය බල ශක්තිය ලබා ගැනීම සීමා කිරීමට, අඩු කිරීමට හෝ නැවැත්වීමට කිසිඳු අදහසක් නොමැති බවත් ඒ වෙනුවෙන් කිසිඳු කමිටුවක් පත් කර නොමැති බවත් බලශක්ති අමාතර ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
"70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයක් කරා යන ගමනක අපි ඉන්නෙ. ඒ නිසා, සූර්ය බලශක්තිය අපට අවශ්‍යයයි. අපි, තිබූ තත්වය ක්‍රමවත් කිරීමේ වැඩපිලිවෙලක් සිදුකරගෙන යනවා. අපේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව මෙගාවොට් 2000ක් කඩිනමින් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමත් අපේක්ෂාවක්. ඒ නිසා බොරු ප්‍රචාර කරන්න එපා. ඒ වගේම බොරු ප්‍රචාරවලට අහුවෙන්නත් එපා."