සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හාරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් මහ නුවර, නුවරඑළිය, ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව වැඩිදුරටත් පවසයි.
මධ්‍යම කඳුකරහේ බටහිර බැවුම් ප්‍ර දේශවල හා උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍ර දේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.