1990 සුවසැරිය ගිලන් රථ සේවයේ භාවිත කළ ගිලන් රථ 322න් ගිලන් රථ 56ක් භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එමෙන්ම හදිසි වෛද්‍ය තාක්ෂණ ශිල්පීන් (Emergency Medical Technicians) සහ රියදුරන් රට අතහැර යාම නිසා පුරප්පාඩු මතුව ඇති බව අද (14දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය.
නව ගිලන් රථ ගැනීමේ වැඩපිළිවෙෙළක් ක්‍රියාත්මක වන බවත්, මෙම ගැටලුව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු කරන බවත් ඊට ප්‍රතිචාර දන්වමින් සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - 1990 හර්ෂ ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ගිලන් රථ 322ක් මේ රටේ ලක්ෂ 220ක් ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය උදෙසා සුවසැරිය වැඩසටහන ක්‍රියාත්මක කළේ. නමුත් මේ මොහොත වන විට 322න් ගිලන් රථ 56ක් සේවාවෙන් බැහැර කරලා. ඒ වගේම විශාල ප්‍රමාණයක් හදිසි වෛද්‍ය තාක්ෂණ ශිල්පීන් (Emergency Medical Technicians), ඒ වගේම රියදුරන් රට අතහැරලා ගිහින් තිබෙනවා. ඒ වගේම හදිසි වෛද්‍ය තාක්ෂණ ශිල්පීන් (Emergency Medical Technicians) තෝරාගෙන ඉන්න පිරිසෙන් බොහොම සුළු ප්‍රමාණයක් තමයි කැමැත්ත පළ කරලා තියෙන්නේ. ඒ වගේම මේ ගිලන් රථ රෙපෙයාර් කිරීමේදීත්, අඩුපාඩුකම් සොයා බැලීමේදීත් ප්‍රමාණවත් රාජ්‍ය අවධානය, රාජ්‍ය අනුග්‍රහය ලැබිලා නෑ. ඒ නිසා මේ සුවසරිය වැඩසටහන කඩා වැටෙන්න ඉඩ නොදී මේක ආරක්ෂා කරගන්න රජයට මැදිහත් වෙන්න කියලා මම ඉල්ලනවා.
සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් - සුවසැරිය වැඩසටහනෙන් කෝවිඩ් කාලයේ විශාල සේවයක් සැලසුණා. මම දන්න තරමින් ඒ සම්බන්ධයෙන් නව ගිලන් රථ ලබා ගැනීමේ වැඩසටහනකුත් සිදු වෙමින් පවතිනවා. මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානයට යොමු කරනවා.