මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක සූවසාර කැදැල්ල ප්‍රජාපාදක ප්‍රතිකාර පුනරුත්ථාපන වැඩසටහන හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට පහළ ශ්‍රේණියේ සියලුම නිලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව අන්ත අසරණ වී ඇතැයි දැනගන්නට ඇත.
එම පුනරුත්ථාපන ලාභීන් සඳහා කායික හා මානසික සෞඛ්‍ය සඳහා ආහාර ලබා දිය යුතු පිළිවෙල චක්‍ර ලේඛන මගින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් හරහා පොලිස් ස්ථානාධිපති වරුන් වෙත එවීමට කටයුතු කළද ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට කටයුතු නොකිරීමෙන් පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් එම චක්‍රලේඛනවල සඳහන් දෑ ක්‍රියාත්මක කිරීමට යාමේදී ඔවුන්ද කායික සහ මානසික වශයෙන් දැඩි පීඩාවකට පත්ව ඇතැයි වාර්තාවේ.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු සෑම පුද්ගලයෙක්ම සොරකම්වල නොයෙදෙන බැවින් බහුතරයක් දෙනා දරු පවුල් නඩත්තු කිරීමට කිසියම් කුලී වැඩක නිරතව ලබා ගන්නා මුදලින් ඔවුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට මුදල් වැය කරනවා සේම දරු පවුල ද නඩත්තු කිරීමටද එම මුදලින් කොටසක් වැය කිරීමට කටයුතු කරනු ඇත.
එවැනි පුද්ගලයන් චක්‍රලේඛනයේ සඳහන් පරිදි දින 14 ක කාලයකට පුනරුත්ථාපන සඳහා යොමු කෙරුවොත් දරු පවුල නඩත්තු කිරීමටද තමන්ට සිදුවී ඇතැයි පොලිස් නිලධාරීහු පවසති.
මේ හේතුවෙන් පුනරුත්ථාපන සඳහා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් යොමු කිරීම දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති අතර ජේෂ්ඨ නිලධාරීන්ගෙන් එල්ලවන දෝෂ දර්ශනය හේතුවෙන් කායික මානසික පීඩාවට පත්වන පොලිස් නිලධාරීන් ඇතැම් අවස්ථාවල මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ඉදිරියේ පුනරුත්ථාපන සඳහා යොමු විමට පැමිණෙන ලෙස පවසමින් බැගෑපත්වන අවස්ථාද නැතිවා නොවේ යැයි එම නිලධාරීහු පවසති .
ඊට අමතරවන් සුවසාර කැදැල්ල සාර්ථක කර ගැනීම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිපාදන ලබා නොදීම හේතුවෙන් මේ වෙන විට යුක්තියේ මෙහෙයුමේ දැලට හසු කරගත් ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගෙන් අනුග්‍රහය ලබා ගැනීමට සිදුවී ඇති බවද
වැඩිදුරටත් දැනගන්නට ඇත.
පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ උපසේවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ( ජේෂ්ඨ පෝෂණවේදී) ගේ අත්සනින් යුතුව නිකුත් කළ චක්‍ර ලේඛනයක ආහාර ලබා දිය යුතු අන්දම සඳහන් කර ඇති අතර පළමු දින තුනේ විශේෂයෙන් පලතුරු එළවළු අඩංගු ආහාර සහ මාළු ඉතා වැදගත් බවද කිරි සහිත ආහාර හා රටකජු ලබාදීම වැදගත් බවද සඳහන් කර ඇත.
දින 8 සිට 14 දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිතය ඇබ්බැහි වූ පුද්ගලයන් නිරෝගී තත්ත්වයට පත්වෙමින් සිටින බැවින් ඔවුන් විසින් ආහාර ඉල්ලා සිටින බැවින් සූදානම්ව සිටීම යෝග බවත්,එලෙසම ඔවුන්ගේ ආහාර රුචියද දිනෙන් දින වැඩිවන බැවින් ඒ අනුව ආහාර පිසීමේදී ඒ ගුණාත්මක භාවය පෙනුම රසය පිළිබඳ අවධානය යොමු කළ යුතු බව සඳහන්ය
පුනරුත්ථාපන වෙන පුද්ගලයකුට ලබාදිය යුතු ආහාර සම්බන්ධයෙන් අංක 1 සිට 10 දක්වා උපදෙස් මාලාවක් චක්‍රලේඛනය මගින් නිකුත් කර ඇති අතර එම චක්‍රලේඛනයේ සඳහන් පරිදි එම පුනරුත්ථාපන ලාභීන් වෙනුවෙන් නොමිලේ ලබාගත එකම දෙය විහාරස්ථානයක හෝ පොදු ස්ථානයක මධ්‍යස්ථානය ආරම්භ කිරීමට ස්ථානයක් පමණක් බව එම නිලධාරීන් කියති්.
මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්ලුව මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසී
"මෙම වැඩසටහන සම්බන්ධයෙන් සියලුම ශාසනාරක්ෂක බල මණ්ඩලවල හිමිවරුන් කොළඹට කැඳවා දැනුවත් කිරීමක් කරා එම හිමිවරුන්ගේ සහයෝගයක් ලබාගෙන කටයුතු කරන්න
ඒ වගේම ස්වේච්ඡා සංවිධාන ආදී සමිති සමාගම් මේ වගේ වැඩකටයුතුවලට ඉන්නවා.එවැනි අය සම්බන්ධ කරගෙන මෙම කටයුත්ත කරන්න කියලයි පවසලා තියෙන්නේ.අපේ රටේ ඕන තරම් ඉන්නව ධනාත්මකව හිතලා කටයුතු කරන අය. ඒ වගේම තමයි මෙම වැඩසටහන කරන්නම ඕනේ කියලා නීතියක් නෑ."