කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 38ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 1955ක් දක්වා වර්ධනය වී තිබේ.
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 2078ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි.
තවත් ආසාදිතයන් 112ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.