කුවේටයේ සිට පැමිණ කොවිඩ් ආසාදනය වී රෝහල්ගතව ප්රතිකාර ලබා නැවතත් සිය නිවෙස් වෙත ගිය කාන්තාවකට යළිත් කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඇය කැබිතිගොල්ලෑවේ පදිංචිකාරියක වන අතර සුව වී නිවසට පැමිණ දින දෙකකට පමණ පසුව යළිත් කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී ඇය පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර ඇති අතර එහි ප්රථිඵලය ධනාත්මක වී තිබේ. ඒ අනුව වැඩිදුර ප්රතිකාර සඳහා ඇය කොළඹ අයි.ඩී.එච්. රෝහලට යොමුකර තිබේ.