මාතර දිස්ත්‍රික්කය පුරා පසුගිය දිනවල පැවති තද සුලං තත්වය හේතුවෙන් නිවාස 300 කට පමණ අර්ධ හානී සිදු වී ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්යක්ෂ ලුතිනන් කර්නල් ආරියවංශ කණ්ඩම්බි මහතා කියා සිටියේ වැලිගම,සුල්තානාගොඩ,පොල්වතුමෝදර,බටවල,පැලෑන,මෝදරවත්ත ආදී ප්‍රදේශ වලට එම තත්වය වැඩි වශයෙන් බලපා ඇති බවයි. නිවාස මතට ගස් හා අතු කඩා වැටීමෙන් වහලවල් වලට දැඩි අලාභ හානී සිදු වී තිබේ. මාතර දිස්ත්‍රික් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ පොදු ස්ථාන වල ඇති අනතුරුදායක ගස් පිළිබඳව දැනුම් දෙන්නේ නම් රජයේ වියදමින් එම ගස් හෝ අතු කපා ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
එවැනි ගස් පිළිබඳව දැනුම් දෙන ලෙස එම මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
තද සුලං හේතුවෙන් නිවාස වලට හානී සිදු වීම නිසා මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1100 ක් පමණ පීඩාවට පත්ව සිටින බව කියති.
විපතට පත්වූවන්ට සහන සැලසීම මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ් අමරසිංහ මහතාගේ උපදෙස් මත ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් සිදු කෙරේ. ඊට අමතරව දකුණු පලාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද පීඩාවට පත්වු ජනතාවට කඩිනමින් සහන සලසන ලෙසට රජයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ක්‍රිෂාන් ජීවක ජයරුක්