සියලු සුරා බදු බලපත්ර නිකුත් කළේ සුරා බදු දෙපාර්තමේන්තුවේ නීති රීති හා නියමිත ක්රමවේද අනුව බවත් බලපත්ර නිකුත් කිරීමේදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිර්දේශ කළ අයදුම්පත්ර සඳහා පමණක් බලපත්ර නිකුත් කර බවත් හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මතභේදයට තුඩු දී ඇති සුරා බදු බලපත්ර නිකුත් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යායේ මේ බව පවසයි.
2024 පෙබරවාරි 01 දා සිට ඔක්තෝබර් 31 දා දක්වා නව සංශෝධන අනුව සුරා බදු බලපත්ර නිකුත් කිරීමෙන් රුපියල් බිලියන 3.1ක ආදායමක් රජය උපයා ඇති බවත් වසරේ ඉදිරි කාලයේදීද මෙම ක්රම වේදය අනුව සුරාබ ු බලපත්ර නිකුත් කළහොත් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 4 ඉක්මවනු ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එසේම නිදහසින් පස 2022 වසර වනතුරම සුරාබදු බලපත්ර නිකුත් කිරීමේදී රජය මුදල් අය කිරීමක් කර නොතැබිුණ බවත් එම නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.