මත්පැන් බලපත්‍ර අලුතින් නිකුත් නොකරන ලෙස කර තිබු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නොතකමින් කටයුතු කර අධිකරණයට අපහාස කර ඇති බවට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු සිව්දෙනකුට එරෙහිවව ගොනු කර ඇති පෙත්සම පෙබරවාරි 07 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියම කළේය.
අධිකරණයට අපහාස කිරීමම සම්බන්ධයෙන් පවරා ඇති පෙත්සම විභාග කිරීම සඳහා කැඳවුවත් නිසි විනිසුරු මඩුල්ලක් නොමැති වීම හේතුවෙන් පෙත්සම විභාගය කල් තැබීමට නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරේරාජා, දිලිප් නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන සැදුම්ලත් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.
අලුතින් සුරාබදු බලපත්‍ර නිකුත් නොකරන ලෙස අතුරු තහනම් නියෝගයක් පනවා තිබියදී අ`ථතින් සුරාබදු බලපත්‍ර හතරක් නිකුත් කිරීමට කටයුතු කිරීමෙන් හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු සිව්දෙනකු අධිකරණයට අපහාසයක් කර ඇති බවට ගම්පොළ පදිංචි ගිහාන් ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙම පෙත්සම ගොනු කර ඇත.
සචිත්ර ගුණසේකර