සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් වසර දෙකක කාලයක තුළ සුරාබදු බලපත්ර දෙසියතුනක් ලබා දී ඇති බව පැෆරල් සංවිධානයේ ජාතික සංවිධායක සුජීව ගයනාත් මහතා සඳහන් කරයි.
මීට අමතරව එම කාලය තුළ බියර් සඳහා බලපත්ර පන්සියපනස්හතරක් ලබාදී ඇති බව ද ගයනාත් මහතා කීවේය.
ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා පාර්ලිමේන්තු මෙන්ම ජනාධිපතිවරණයෙදි මහජන නියෝජිතයන් තෝරාගැනීම පිළිබඳ
පුරවැසියන් ක්රියා කළ යුත්තේ කුමන අයුරින් ද යන්න අද (25දා) පොළොන්නරුවේ රාමදා හෝටලයේදි පැවති සිවිල් ක්රියාකාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්ව සුජීව ගයනාත් මහතා ඒ බව සඳහන් කළේය.
එහි අනුව 2021 ජූලි 01 වෙනිදා සිට 2023 අගෝස්තු 01 වෙනිදා දක්වා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් සුරාබදු බලපත්ර දෙසියතුනක් සහ බියර් සඳහා බලපත්ර පන්සිය පනස්හතරක් ලබාදී තිබෙන බවද ගයනාත් මහතා කීවේය.
සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බලපත්ර ලබාදීමේදී වැඩිම බලපත්ර ප්රමාණයක් ලබාදී ඇත්තේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්රික්ක සඳහා වන අතර ඒ අනුව 2021 වසරේ මාස 5 ක කාලය තුළ කොළඹ දිස්ත්රික්කයට සුරාබදු බලපත්ර විස්සක්ද ගම්පහ දිස්ත්රික්කයට අටක්ද, 2023 වසරේ මාස අටක කාලය තුළ කොළඹ දිස්ත්රික්කය සුරාබදු බලපත්ර තිස්එකක් සහ ගම්පහ දිස්ත්රික්කයට බලපත්ර 35 ක් ද ලබා දී ඇති බවද සුජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මනම්පිටිය නිමල් ජයරත්න