සුරා බදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරා බදු නිලධාරීන් පිරිසක් විදෙස් ගතවීමට සූදානම් බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන්නැයි නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙක් මෝෂමක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (07) ඉල්ලීමක් කළේය.
අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය නොතකා කටයුතු කිරීමෙන් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු එහි නිලදාරීන් සිව්දෙනකු අධිකරණයට අපහාස කර ඇති හෙයින් ඔවුන්ට එරෙහිව විභාගයක් පවත්වා දඩුවම් නියම කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට අදාළව මෙම මෝෂම ගොනු කර ඇත.
නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද ප්‍රනාන්දු මහතා ගෙනු කර ඇති මෝෂමේ වගඋත්තරකරුවන් වශයෙන් සුරා බදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි, එහි අතිරේක අධ්යක්ෂ ජනරාල්වරුන් වන ඒ.එම්.පී. අරම්පත් සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වූ කේ, ධර්මසීලන් සහ සී.ජේ.ඒ. විරක්කොඩි මහත්වරු නම් කර ඇත.
මෙම පෙත්සමට අදාළව මෝෂමක් ගොනු කරන ගිහාන් ශවින්ද ප්‍රනාන්දු මහතා සුපිරි වෙළඳසල් සහ දේශපාලන හිතවතුන්ට අවිධිමත් ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියක් පසුගිය සමයේ පැවත ඇතැයි සඳහන් කර ඇත.
සුරාබදු පනතට පටහැනිව සුපිරි වෙළඳසල් සහ දේශපාලන හිතවතුන්ට අවිධිමත් ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් තමන් ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් මීට පෙර අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ බව සඳහන් කරන ශවින්ද ප්‍රනාන්දු මහතා එම පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී පවතින සුරා බදු නීති රෙගුලාසිවලට පරිබාහිරව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට පසුගිය අප්‍රේල් 02 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇතැයිද සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට එලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නියෝගය උල්ලංඝනය කරමින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු නිලධාරීන් සුපිරි වෙළඳසැල් වලට සහ හිතවතුන්ට මත්පැන් බලපත්‍ර අලුතින් නිකුත් කර ඇතැයි පෙන්වා දෙන ශවින්ද ප්‍රනාන්දු මහතා එමඟින් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කර ඇතැයිද සඳහන් කර ඇත.
එහෙයින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනාට එරෙහිව් සුදුසු නීතිමය පියවර ගන්නැයි පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලීමක්ද කර ඇත.