අධික ලෙස මත්පැන් පානය කොට හොරණ සිට කොළඹ දක්වා මගීන් ප්රවාහනය කළ සුඛෝපභෝගී බස් රථයක රියදුරෙකු බස් රථය සමග අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර අළුගොල්ලවත්ත ප්රදේශයේ පදිංචි (34) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා මත් පැන් පානය කොට හොරණ සිට කොළඹ දක්වා යාමට සුඛෝපභෝගී බස් රථයකින් මගීන් පටවාගෙන රාත්රී 07 පමණ හොරණ බස් නැවතුම්පොළෙන් පිටත් වී තිබුණි.
බස් රථය පිළියන්දල දක්වා යමින් සිටියදී එහි රියදුරු බීමතින් රිය පදවන බවට මගීන්ට අනාවරණය වීමත් සමඟ ඒ බව බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාට දුරකථනයෙන් දන්වා තිබුණි.
පසුව රථ වාහන අංශයේ නිලධාරී කණ්ඩායමක් කැඳවා බොරලැස්ගමුව පොලිසිය ඉදිරිපිට හදිසි මාර්ග බාධකයක් යොදවා කොළඹ දෙසට ධාවනය වන බස් රථ පරීක්ෂා කිරීමේදී එහි රියදුරු බීමතින් සිටින බවට මත් පැන් ගද වහනය වී තිබේ.
ඒ අනුව බස් රථයේ සිටි මගීන් විසි දෙදෙනෙකුට මුදල් ගෙවා වෙනත් බස් රථයකට නංවා රියදුරු සහ බස් රථය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පසුව සිදුකළ ඇල්කො ලයිසර් පරීක්ෂාවේදී රියදුරු බීමතින් සිට ඇති බවට අනාවරණය වූ බව පැවසේ.
අත් අඩංගුවට ගත් රියදුරු (11) දා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න