ජනාධිපතිවරණය පිළිබඳව දරන දේශපාලන මතවාදයන්, මින් ඉදිරියටම කතා නොකර ලෙසත්, තම දේශපාලනය අදහස් ඉදිරියට මාධ්‍යය වෙත ප්‍රකාශ ලබා නොදෙන ලෙසට බලපෑම් කරමින් තමාට දුරකථනය ඔස්සේ කරුණා පාර්ශවයේ පිරිසක් යැයි පවසමින් මරණ තර්ජනය සිදුකර ඇති බව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමරතන නාහිමියන් සඳහන් කළහ.
නැගෙනහිර පළාතේ සිංහල, දමිළ, මුස්ලිම්, ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු වෙනුවෙන් හැමදාමත් පවතින ඕනෑම රජයකට තමා නොබියව ඉදිරිපත් වී අඩුපාඩු පෙන්වා දුන් බවත්, පළාතේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමා නිරන්තරයෙන්ම මාධ්‍යයට හා සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු දැක්වූ බවත්, ජනාධිපතිවරණයේදී නැගෙනහිර පළාතේ ජනතාව
තෝරා ගත යුත්තේ කවුරුන්ද යන්න පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම විවිධ මාධ්‍ය මගින් හෙළිදරව් කළ බවත්, මින් ඉදිරියට තම දේශපාලන මතය ඉදිරිපත් නොකරන බවට, කරුණා පාර්ශවය යැයි පවසමින් පිරිසක් දුරකථන ඔස්සේ නිරන්තරයෙන්ම තමා මරාදමන බවට තර්ජනය කරන බවද කරන බව අම්පිටියේ සුමනරතන නාහිමියන් මඩකලපුව පන්සල්ගල රජමහා විහාරස්ථානයේදී 17 වෙනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළහ.
තමා මේ සම්බන්ධයෙන් මඩකලපුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්, ඇතැම් අවස්ථාවක් වලදී තමන්ට එල්ල වූ මරණ තර්ජන, හා වෙඩි තැබීම් හමුවේ පොලිසියට පැමිණිලි කර ද එම පැමිණිලි විභාග නොවූ නිසා, පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් තමන්ට සාධාරණයක් නොවනු ඇති බවද අම්පිටියේ සුමනරතන නාහිමියන් මෙහිදී පැවසූහ.
වසර තිහක කාලයක් පුරා නැගෙනහිර පළාතේ සියලු ජනතාව එල්ටීටීඊ ත්රස්තවාදීන්ගෙන් පීඩාවට පත්ව සිටින මොහොතක යුද්ධය නිමාකළ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්කිරීමට තමා ප්‍රසිද්ධියේ වෙනුවෙන් වැඩ කළ බවත්, ඔහු ඉන් අනතුරුව රටේ ආර්ථිකයට සිදුකළ විනාශය සහ අනෙකුත් දූෂණ, ආක්‍රමිකතා, සම්බන්ධයෙන් තමා මහින්දවාදියෙකු නොවී වර්තමානයේ, රට නිවරදි දිසානාතියකට රැගෙන යාමට උත්සාහ දරන, දූෂණ අක්‍රමතා වලට හවුල් නොවන පක්ෂයක දේශපාලන මතය සමාජගත කිරීමට උත්සාහ දැරීම මෙම මරණීය තර්ජනයට හේතු වි ඇති බවට තමා සැකකරන බව සුමනරතන නාහිමියන් පැවසූහ.
තමාට මීට පෙර අවස්ථාවකදී වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් සකස් කර තිබු බවත්, වෙඩි තැබුවේ කවුරුන්ද යන්න මෙතෙක් හෙළිදරව් කිරීමට ආරක්ෂක අංශ අසමත් වී ඇති බවත්, වෙඩි තැබීම පිළිබඳව මංගලගම පොලිසියට පැමිණිලි කළද එම සියලුම පැමිණිලි සහ සිදුකරන විමර්ශන යටපත් වී ඇති බවත්, පවතින දේශපාලන පසුබිම් තුළ තමාට ආරක්ෂාව ලබාදෙන ලෙසට බලධාරීන්ගේ සහ ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බවත්, තමාගේ ජීවිතයට යම් හානියක් සිදුවීමට පෙර මේ සඳහා අවධානය යොමු කරන ලෙසද අම්පිටියේ සුමනරතන නාහිමියන් වැඩිදුරටත් මෙහිදී පැවසූහ.
නැගෙනහිර පළාතේ ජනතාවගේ ඉඩම් අයිතිය සහ අනෙකුත් මූලික අයිතිවාසිකම් පිළිබඳ තමා පවතින ඕනෑම රජයකට බලපෑම් එල්ල කරමින් ඒ සඳහා සටන් කර බවත්, මෑතකදී සමාජ මාධ්‍යයට ප්‍රධාන රූපවාහිනියි නාලිකා ඔස්සේ රටේ ජනාධිපතිවරයා බවට පත් කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ කතා කිරීමත් සමඟ මෙම තර්ජනයන් එල්ල වන බවත්, තම ජීවිතයට එල්ල වී තිබෙන මරණ තර්ජන සම්බන්ධව පුළුල් පරීක්ෂණ සිදුකර තමන්ට සාධාරණය සහ ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙසද සුමනරතන නාහිමියන් මෙහිදී වැඩිදුරටත් කීහ.
මනම්පිටිය නිමල් ජයරත්න