ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්දියානු ණය පහසුකම් යටතේ ඉන්දියානු සමාගමෙන් ඛනිජ තෙල් මිලදී ගැනීමේදී ලංකා සුපර් ඩීසල් වලට අදාල මිළ පදනමම ඔටෝ ඩීසල් සඳහා යොදාගැනීමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන (4.6 )හෙවත් රුපියල් කෝටි 170 ( මිලියන1669)කට ආසන්න මුදලක් සංස්ථාව පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් ජනවාරි මස දෙවෙනිදා නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවෙන් හෙළිකර සිටි.
මෙම ක්රමය යටතේ අවස්ථා දෙකකදී ලංකා ඔටෝ ඩීසල් බැරල් 599722 මිලදී ගෙන ඇති බවද එම වාර්තාවෙන් වැඩිදුරටත් හෙළි කර සිටි
මෙම ක්රමය යටතේ ඹටෝ ඩීසල් තෙල් මිලදී ගැනීම සඳහා වැඩි අගයක් ඇති සුපර් ඩීසල් වලට ගෙවන මුදලම ලංකා ඔටෝ ඩීසල් ගැනීමේදී යොදා ගැනීම මත ඉහත කී විශාල අතිරේක මුදලක් ගෙවීමට සංස්ථාවට සිදුවී ඇති බවද මෙම විගණන වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි
චන්දන සමරවික්රම