සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයින් අතර ඇති වූ දැඩි නොසන්සුන්තාව සැලකිල්ලට ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කිරීමට සුජීව සේනසිංහ මහතා ජාතික ලැයිස්තුවට ඇතුළත් කර අදාළ අර්බුදය විසඳීමට පක්ෂ නායකත්වය කටයුතු කර තිබේ.
සුජීව සේනසිංහ මහතා මහගි සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් නායකායා වශයෙන් නම් කර තිබුනද එය සමගි ජන සන්ධානය තිස්ස අත්තනායක මහතා ගේ නායකත්වය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ඇත.
සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් ආසන සංවිධායකවරයෙක් මුලිකත්වය ගෙන සූජීව සේනසිංහ මහතා මහනුවරට අවශ්‍යය බව පවසමින් භික්ෂූන් වහන්සේ පිරිසක් උද්ඝෝෂණයක නිරත වීමට ද සැළසුම් කර තිබූ බව ප්‍රෙද්ශය පුරා පැතිරිද තිබිණි.