අධිකරණ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය විමර්ශන කරමින් සිටි රුපියල් කෝටි 10 ක් පමණ වටිනා වී-8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සුජීව සේනසිංහ මහතා ඊයේ (11) සවසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනැවිත් බාරදුන් බව පොලිසස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වී-8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය විනාශ කිරීමට හෝ එය සැඟවීමට සුජීව සේනසිංහ මහතා කටයුතු කරනු ඇති බවට සැකයක් මතුව ඇතැයි කියමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් අදාළ රථය වහාම අතත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කර තිබු පසුබිමක සේනසිංහ මහතා රථය මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනැවිත් බාරදී ඇතැයි වාර්තාවේ.