හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් හා සෞඛ්‍ය සේවා සදහා අවශ්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදුකිරීම සදහා හම්බන්තොට සුචී බෞද්ධ සහන සේවා පදනම පියවර ගැනිණි.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් .එච්.කරුණාරත්න මහතාගේ ඉල්ලීම පරිදි මෙම පරිත්‍යාගයන් සිදුකර තිබේ .
හම්බන්තොට සිරි බෝපුර පිහිටි එම පදනමේ කාර්යාලයේදී එම පරිත්‍යාග තොගය හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දීපිකා පටබැදිගේ මහත්මියට මෙම පරිත්‍යාග ලබාදීම සිදුකරන ලද අතර මෙහිදී .ඒප්රම්200ක්, බාධකගවුම් (Barrier Gowns) 400ක්,තොප්පි 100ක්,සේලයින් ඇතුළුව තවත් උපකරණ වර්ග රැසක් මෙහිදී පරිත්‍යාග කෙරිණි.
එමෙන්ම ලද උපකරණ හා ද්‍රව්‍ය දිස්ත්‍රික්කයේ රෝහල් වෙත බෙදාදීමට කටයුතු කරන බවත් මේ අවස්ථාවේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්තුමාගේ මැදිහත් වීමෙන් මෙවැනි සංවිධාන හා ජනතාව ඉදිරිපත්ව කරනු ලබන මෙම පරිත්‍යාගයන් පැසසීමට ලක්වි යයුතු බවද එතුමිය පෙන්වා දුණි.
මෙහි සම්බන්ධීකරණ කටයුතු හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ නිලධාරී පුෂ්පකුමාර බණ්ඩාර මහතා විසින් සිදු කෙරිණි.
මෙම අවස්ථාව සදහා එම මහතා ද සුචී බෞද්ධ සහන සේවා පදනමේ නිලධාරී මණ්ඩලයක්ද එක්විය.