සීතාවක ප්රාදේශීය ලේකම් බල ප්රදේශයට අනපේක්ෂිත ලෙස ඇද හැලුණු වර්ෂාව නිසාවෙන් පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ග්රාම නිළධාරී කිහිපයක්ම ජලයෙන් යට වී ජනතාව පීඩාවට පත්ව ඇත.
පුවක්පිටිය දකුණ ග්රාම නිළධාරී වසමේ එකම පවුලේ තිදෙනකු ජලයෙන් යට වී මියගොස් ඇති අතර තවත් අයකු පස් කන්දක් කඩා වැටීම නිසා එයට යටවී මියගොස් තිබේ.
ජල ගැලීම් නිසාවෙන් හයිලෙවල් මාර්ගයේ රථ වාහන ධාවනය ද කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා නතර වී ඇති අතර පුවක්පිටිය දුම්රිය ස්ථානය අසල දී රථ වාහන ජලයේ ගසා ගෙන ගොස් ඇතැයි ද එම ප්රදේශයේ ජනතාව පවසති.