අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවින්ද්‍ර බණ්ඩාර සෙනෙවිරත්න මහතා බීමතින් රිය පදවා අනතුරක් කිරීමේ වරදට වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයෙන් බම්බලපිටියේ සිට දෙහිවල දෙසට ගමන් කිරීමේදී මුහුදු මාවතේ මිරාජ් හෝටලය අසල මාර්ගය අයිනේ නතර කර තිබූ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක පසුපස කොටසේ ගැටී අනතුරුව ඉදිරියට ඇදී ගොස් ඊට මදක් ඉදිරියෙන් තිබූ බස් රථයේ ගැටී මෙම අනතුර සිදුවී තිබූ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
සිදුවූ අනතුරින් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි
අනතුර සම්බන්ධයෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇල්කොලයිසර් නල පරීක්ෂාවක් සිදු කළ අතර එහිදී ඔහු මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
සැකකාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
වැල්ලවත්ත පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාශ් කහදවල මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ පි මධුශංක මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.