ඌව පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතාට ඉකුත් හත්වෙනිදා ලද බුද්ධි තොරතුරක් මත තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවරකළ එම පාසලේම සහ තවත් පාසලක සිසුන් පිරිසක් සහ ඊට අනුබල දුන් සැකකාරියක් තණමල්විල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
අතවරයට පත්වූ දැරිය තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන එකොළොස් වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.
නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණයකර ලිංගික අපයෝජනය සිදුකිරීම,බරපතළ ලිංගික අපයෝජනය සිදුකිරීම,ස්ත්‍රී දූෂණය සහ රංචු ගැසී ස්ත්‍රී දූෂණය සිදුකිරීම යන චෝදනා යටතේ ඉකුත් (11) වෙනිදා මෙම පිරිස අත්අඩංගුවටගෙන ඇත.
මෙම ස්ත්‍රී දූෂණයට අනුබලදීම සම්බන්ධයෙන් තණමල්විල තැපැල් කාර්යාලය පිටුපස පදිංචි 39 හැවිරිදි කාන්තාවක්ද පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.මෙලෙස පොලීසිය භාරයටගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 18 දෙනෙකි.
අතවරයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර ඇති අතර එයට අනුබල දුන් කාන්තාව සහ සැකකාර පාසල් ශිෂ්‍යයින් අද (12දා) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මොනරාගල සුමනසිරි ගුණතිලක