දළදා වන්දනාවට පැමිණ අම්පිටිය මාර්ගයේ රැඳී සිටි බැතිමතුන් පිරිසක් රතු බෝක්කුව ප්‍රදේශයේදි මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වන ලෙස රැඳී සිටීම හේතුවෙන් ඔවුන් පාලනය කිරීමට පොලිසියට යුද හමුදාව කැඳවීමට සිදු වූ බව පොලිසිය කියයි.
එහිදී බැතිමතුන් කලාකාරී ලෙස හැසිරීම හේතුවෙන් පාරේ ගමන් කළ වාහන සහ නවතා තිබූ වාහන කිහිපයකට අලහභානි සිදුවී ඇති බවද පොලිසිය කියයි.
මීට පෙරදී ද පෝලිම්වල රැඳී සිටි බැතිමතුන් අතර ගැටුම් ඇති වී කිහිපදෙනෙකු තුවාල ලැබූ බවද මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පැවසීය.
මේ අතර දළදා වන්දනාව සඳහා පෝලිම්වලට එකතු වීම සඳහා පිට පළාත්වලින් නොපැමිණෙනන ලෙස බැතිමතුන්ට දන්වා තිබුනද ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරමින් පෝලිම් කරා පැමිණෙමින් සිටින බව පොලිසිය කියයි. මහනුවරට ඇතුළුවන වන්දනා බස් මාවනැල්ල, මාවතගම, මහියංගනය, ගම්පොළ සහ මයිලපිටිය යන ප්‍රදේශවලදී නැවැත්වීමට පොලිසිය පියවර ගෙන තිබුණද එම බස්වලින් බැස ගන්නා වන්දනාකරුවන් සාමාන්‍ය බස් රථවල නැගී මහනුවරට පැමිණෙන බවද පොලිසිය කියයි.