”සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන වදන සිහිපත් කළ කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසළකන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ (02) තරයේ අවවාද කළේය.
යකඩ දම්වැලක සවිකළ මාංචු සැකකරුවන්ගේ දෑත් වලට දමා අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දොස් පැවරූ මහේස්ත්‍රාත්වරයා සිරකරුවන්ටද මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතු බව අවධාරණය කළේය.
අධිකරණ නිවාඩු සමය බැවින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ ඇති අධිකරණ ශාලා නවයක ඇති සිය`ථ නඩු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා රාජකාරි කරන අංක 03 අධිකරණයේ ඊයේ (02) දින කැඳවු අතර එලෙස කැඳවු නඩු වලට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින හතළිහක් පමණ සැකකරුවන් පිරිසක් යකඩ දම්වැලක සවිකළ මාංචු සැකකරුවන්ගේ දෑත් වලට දමා අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබිණී.
අංක 03 අධිකරණයේ රැඳවියන් රඳවා තබන සිරමැදිරිය තුළ සැකකරුවන් 20කට වැඩි පිරිසක් රඳවා තැබීමට නොහැකි හෙයින් එක දැම්මලක සවිකළ මාංචු සැකකරුවන්ගේ දෑත් වලට දමා සැකකරුවන් හතළිහක් පමණ විවෘත අධිකරණය තුළම රඳවා තැබීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබිණි.
අධිකරණයේ දෛනික කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී එක දැම්මලක සවිකළ මාංචු දැමු සැකකරුවන් විශාල පිරිසක් විවෘත අධිකකරණයේ තබා ඇති අයුරූ නිරීක්ෂණය කළ මහෙස්ත්‍රාත්වරයා ”සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන වදන සිහිපත් කරමින් සිරකරුවන්ට සතුන්ට මෙන් නොසළකන ලෙස පවසමින් බන්ධනාගාර නිලධාරීන්ට තරයේ අවවාද කළේය.
මාංචු දැමු සැකකරුවන් විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමේ බන්ධනාගාර නිලදාරරීන්ගේ ක්‍රියා පිළිවෙත පිළිබඳව දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් සිරකරුවන්ටද මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතු බව අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරයා මින් ඉදිරියට තම අධිකරණයට විලංගු දැමු කිසිඳු සැකකරුවකු ඉදිරිපත් නොකිරීමට වගබලා ගන්නා ලෙස බන්ධනාගාර නිලධාරීන්ට අවවාද කළේය.
මාංචු සහිත සැකකරුවන් අධිකරණ ශාලාවේ රැඳවීම සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව අයැද සිටි බන්ධනාගාර නිලධාරීහු සියලු සැකකරුවන්ගේ මාංචු ඉවත් කිරීමට කටයුතු කරනු දක්නට ලැබිණි.
සචිත්ර ගුණසේකර