ඉදිරි මහ මැතිවරණයේදී එකව තරග කරන ලෙස සමගි ජන බලවේගයට යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවසීය.
කොළඹ අද(24දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“රනිල් වික්‍රමසිංහ මහතා තීරණයක් අරන් තියෙනවා මහ මැතිවරණයට එතුමා ඉදිරිපත් වෙන්නේ නෑ කියලා. ඒ වගේම ජාතික ලැයිස්තුවෙනුත් පාර්ලිමේන්තුවට එන්න එතුමාගේ කිසිදු අදහසක් නෑ කියලා. ඒ වගේම එතුමා ජ්‍යේෂ්ඨයෙක් හැටියට, හිටපු ජනාධිපතිවරයෙක් හැටියට , අපේ නායකයා හැටියට අපිට අවශ්‍ය නායකත්වය ලබා දෙයි. නමුත් මහ මැතිවරණයේදී එතුමා ඉදිරිපත් වෙන්නේ නෑ. අපි මහමැතිවරණයේදී බලාපොරොත්තු වෙනවා මේ විපක්ෂයේ සියලු දෙනා එකට එකතු වෙලා එක බලවේගයක් ලෙස ඉදිරිපත් වුනොත් හොඳයි කියලා මේ අවස්ථාවේදී යෝජනා කරනවා. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ නායකත්වයටත්, පක්ෂයටත් අපි මේ අවස්ථාවේ යෝජනා කරනවා අපි සියලු දෙනාම එක්වෙමු. ”