සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හරහා ඉන්ධන පාරිභෝගිකයන් වෙත නිකුත් කරන්නේ මේ වන විට එම ඉන්ධනහල් අසළ පෝලිම්වල රැදී සිටින වාහන ඉවත් කර ගැනීමෙන් පසුව බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එසේම සිපෙට්කෝ ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත් කරන තෙක් එම ඉන්ධන හල් අසළ පෝලිම්වල රැදී නොසිටින ලෙස ඉල්ලිම් කර ඇති බවත් ඔහු පැවැසීය.
එසේම වාහන අංකය අනුව හා ජාතික ඉන්ධන බලපත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව ඉන්ධන බෙදා හැරීම ආරම්භ කරන බවත් ඔහු පැවැසීය. ඉන්ධන ලබා ගැනීමට නම් මෙම ක්රමද්විත්වයම අනුව කටයුතු කරන බව ඔහු පැවැසීය.
"එය ක්‍රියාත්මක වන දිනය ප්‍රකාශයට පත් කරනවා. පද්ධතිය සැකසීම සහ එය ක්‍රියාත්මක කිරීම පහසු කාර්යයක් නොවේ. නමුත් ඉදිරි මාස කිහිපය තුළ සෑම දෙනාටම සතිපතා කෝටාවක් සහතික කිරීම සඳහා එය ක්‍රියාත්මක කළ යුතුයි. මෙය සුමටව ක්‍රියාත්මක කිරීමට මහජන සහාය අවශ්‍ය වන අතර එය අවශ්‍ය පරිදි වැඩිදියුණු කරනු ඇත." යැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.