ඉන්ධන මිල සූත්රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව පෙට්රල් 92 ලීටරයක මිල රුපියල් 04කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 365ක් ලෙස සටහන්ව තිබේ. පෙට්රල් 95 ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 420 කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 351 කි. මීට අමතරව සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 62 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 421කි. භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 11කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 242 කි.
මේ අතර චීනයට අයත් සයිනොපෙක් ආයතනය සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ඊයේ (01දා) තීරණය කළේය. ඒ අනුව එදින පස්වරු 06 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. මෙහිදී සයිනොපෙක් සමාගමට අයත් පිරවුම්හල්වල ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 414 සිට රුපියල් 420 දක්වා රුපියල් 6කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 338 සිට රුපියල් 348 දක්වා රුපියල් 10කින්ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 356 සිට රුපියල් 417 දක්වා රුපියල් 61කින්ද ඉහළ දමා තිබේ.
එමෙන්ම IOC සමාගමද සිය ඉන්ධන මිල ඉහල නංවා තිබේ.
ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 4කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420කි.
මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 351කි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 421කි.