ලෝක උරුම සිංහරාජ වනාන්තරය නැරඹීම සඳහා වැඩිම දෙස් විදෙස් සංචාරකයින් පැමිණ ඇත්තේ මෙම වසරේ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්හ. පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී මෙම කරුණු අණාවරණය විය.
සමස්ත සංචාරකයින් 35000කට අධික පිරිසක් සිංහරාජ වනාන්තරය නැරඹීමට මෙලෙස ගතවූ මාස කිහිපය තුළ පැමිණ තිබේ. මෙහිදී වනාන්තරයට හානි සිදු නොවන අයුරින් තවදුරටත් සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් වැඩි කරමින් ඉහළ සංචාරක ආකර්ශනයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.