මත් කුඩු චෝදනාවට මහාධිකරණයෙන් සැමියා බන්ධනාගාරගත කර සිටියදී වසර එක හමාරක පිරිමි දරුවා ඇකේ තබාගෙන හොරයින් මත්කුඩු ජාවාරම් කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
මෙම සැකකාරිය සන්තකයේ තිබී මත්කුඩු මිලිග්‍රෑම් 5200 ක් පොලිසිය භාරයට ගෙන ඇත. එම සැකකාරියට පස් හැවිරිදි දැරියක් ද සිටින බව පොලීසිය කියයි
කහතුඩුව කන්දකැටිය ප්‍රදේශයේ මුට්ටියා ගෙ බිරිඳ නමැති සැකකාරිය ද මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට කහතුඩුව පොලිසියට ලද තොරතුරක් අනුව එම නිවස වටලා පොලිස් කාන්තාවක් සැකකාරිය පරික්ෂා කිරීමේදී තනපටේ සඟවාගෙන තිබූ මත්කුඩු සොයාගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කරයි
අත්අඩංගුවට ගත් සැකකාරියගේ සහෝදරයා ද මත්ද්‍රව්‍ය චෝදනාවට මහධිකරණය මගින් බන්ධනාගාරගත ඇති බව සඳහන්ය.
සැකකාරිය සමග පොලිස් භාරයට ගත් වයස අවුරුදු එකහමාරක පිරිමි දරුවා සහ වයස අවුරුදු පහක ගැහැණු දරුවා පරිවාස භාරයට පත් කිරීම සඳහා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.