සැමියා විසින් බිරිඳට අත් පොරවකින් පහරදී ඝාතනය කර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි. ඝාතනය සිදු කළ සැකකාර සැමියා පොලිසියට පැමිණ භාර වී ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල ගැට හැත්ත දිවුරුම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් ඊ දිල්රුක්ෂි 43 නමැත්තියයි.
මරණකාරිය සහ සැකකරු අතර නිරතුරුවම ආරවුල් හටගෙන ඇති අතර පෙරේදා 2 සවස මෙම ඝාතනය සිදුකර තිබූ බව පොලිසිය කියයි.
මෘත ශරීරය අවිස්සාවේල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර ් අධිකරණ වෛද්‍ය නිලධාරියකු විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
සැකකාර සැමියා පෙදරේරුවකු වන අතර 41 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අවිස්සාවේල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.