සොරකමේ යද්දි පමුණුගම පොලීසියට කොටුවු ජාඇල සුදුවැල්ලේ පදිංචිකරුවෙකු වු කොරෝනා ආසාදිතයා සමග ඉතාමත් සමිපව ඇසුරු කල තහවුරු විම නිසා ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් විසින් නිවෙස් වලට වී ස්වයං නිරෝධායනය වීමට ලබාදී තිබුණ උපෙදෙස් නොතකා එම පිරිස් තම නිවෙස් වලින් බැහරව කටිටි පනිමින් සිටියදි බස්නාහිර පළාතේ නාවික බුද්ධි අංශ නිලධාරින් ජාඇල සුදුවැල්ල සහ ඒ අවට ගම්මාන කිපයක පසුගිය සෙනසුරාදා (09) සිදු කර හදිසි වැටලිමකදි පිරිසක් අත්අඩංගුවට ගත්තේය.
අත්අඩංගවට ගෙන නිරෝධායනය පිණිස ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි පුද්ගලයින් 28 දෙනාගෙන් පස් දෙනෙකුම කොරෝනා ආසාදිතයන් බවට ඊයේ (10) රාත්‍රියේ තහවුරු වු බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතා පැවසිය.
මෙසේ කොරෝනා ආසදනයට පත් පිරිස අතර සිටි එක් පුද්ගයෙකුගේ බිරිදද මුලික කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටියේදි රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඇයද කොවිඩි 19 රෝගයට ගොදුරුව ඇති බව ඊයේ (10) රාත්‍රියේ තහවුරු වුණ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් පවසා සිටියේය. ඇය පදිංචිව සිට ඇත්තේද ජාඇල සුදුවැල්ලේ නිවෙසෙකය.
පමුණුගම ප්‍රදේශවාසින් විසින් අල්වා පොලීසියට භාර දුන් කොරෝනා ආසාදිතයකු බවට හදුනා ගත් පුද්ගලයා මෙන්ම නාවික හමුදා බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඔලූවිල් නිනෝධායන මධ්‍යස්ථාන වෙත යෙමුකර සිටින පිරිසද තදින් මත්ද්‍රව්‍ය වලට ඇබිබැහිවුවන් බවට පැහදිලි තොරතුරු ලැබි ඇති අතර මත්ද්‍රව්‍ය සොයමින් ඔවුන් තැනින් තැන සැරිසරා ඇති බව ජාඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හේමන්ත බණ්ඩාර මහතා පවසයි.
ගෙවුණ සතිවල සිට අද දක්වා ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වි අතර ඉන් 4 දෙනෙකු කාන්තාවන් බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාඇල - තිස්ස කොටින්කඩුව