සොරකම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු නීතීවීරෝධී ආකාරයෙන් රඳවා තබාගෙන කෲර ලෙස පහරදී මරා දැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු නිලධාරීන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මරණීය දණ්ඩණය අද (04) නියම කළේය.
සමස්ථ පොලිසිය කෙරෙහිම මහජන විශ්වාශය පළුඳු වන ආකාරයට විත්තිකරුවන් පිළිකුල් සහගතව කටයුතු කර ඇතැයි පෙන්වා දෙමින් විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය පැනවු විනිසුවරයා මරණීය දණ්ඩනයට අමතරව විත්තිකරුවන්ට වසර 12 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 65000/- බැගින් දඩ නියම කළ අතර පොලිසි පහරදීමෙන් මියගිය පුද්ගලයාගේ දියණීයට රුපියල් ලක්ෂ 20 වන්දියක් ගෙවීමටද නියම කළේය.
වසර 18කට පෙර කැලණීය වනවාසල ප්රදේශයේ පදිංචිකරුවකුට පෑලියගොඩ පොලිසියේදී මෙම අපරාධය කළ බවට විත්තිකරුවනන් එරෙහි චෝදනා පැමිණීල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කර චෝදනාවන්ට වරදකරුවන්වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂවරයකු වශයෙන් සේවය කළ කේ.එල්. චමින්ද කුමාර (43) සහ කොස්තාපල්වරයකු වශයෙන් සේවය කළ (33564) එස.ඒ.කේඑ. අනුර ධර්මප්රිය වීරවර්ධන (50) නමැත්තන්ටය.
මෙම විත්තිකරුවන් සමඟම මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටි පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්රධාන පොලිස් පරීක්ෂක ලාවුස් දසනායක සහ සැරයන් මොහොමඩ් අදීෂ් නමැත්තන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා ඔවුන් දෙදෙනා සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේ.
2005 ජුලි මස 13 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පෑලියගොඩ පොලිස්ථානය තුළදී අබේසිංහ හෙවත් රංජිත් නමැත්තා නීතීවීරෝධී ආකාරයෙන් රඳවා තබාගැනීම ඔහු කෲර වධ බන්ධනයන්ට පක් කිරීම සහ අමානුෂික ලෙස ඔහුට පහරදී ඔහුගේ මරණය සිදුකිරීම යන චෝදනාා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී.