අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු රට යළි විවෘත කළ වහාම සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
එම විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් කෙරුණු අතර එහි නැවත සමීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මේ දක්වා විභාග දෙපාර්තමේන්තුව නිෂ්චිත තොරතුරු ප්‍රකාශයට පත්කර තිබුණේ නැහැ.
දැනට පවතින සංචරණ සීමා හේතුවෙන් නැවත සමීක්ෂණ කටයුතු සිදුකිරීමේ අපහසුතා පවතින බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා කියාසිටියේ.