අද (06දා) සිට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය මූලික කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් මෙම කටයුතු සඳහාපොලිස් නිලධාරීන් දෙදහසක් පමණ සෘජුවම යොදවන බවත් මීට අමතර ජංගම සංචාර හා පාමුර සංචාර සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
විභාගය පැවැත්වෙන කාලයේදී අයදුම්කරුවන්ටබාධා වන ආකාරයේ කටයුතු සිදුනොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මේ පිළිබඳව සොයා බැලීමටත් පොලිස් නිලධාරීන් යොදවා සිටින බවද පොලිස් මධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහල් තල්දූව මහතා සඳහන් කළේය.
මීට අමතරව මාර්ගවල ඇතිවන අවහිරතාවන් වළක්වා ගනිමින් අයදුම්කරුවන්ට කඩිනමින් විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කරවීම සඳහා රථවාහන නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබෙන බවද පැවසීය.
මීට අමතරව විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන දරුවන්ට බාධා වන ආකාරයට විභාග මධ්‍යස්ථාන අවට රැඳී නොසිටින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විභාග මධ්‍යස්ථානවලට අමතරවරහස්ය ලේඛන ප්‍රවාහනය හා සම්බන්ධීකරණ මධ්යස්ථාවලටත් පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙන බවද පවසා සිටියේය.
විභාගය පැවැත්වෙන අවස්ථාවලදී ඒ අවට ශබ්ද විකාශන යන්ත්‍ර හෝ අවට නිවෙස්වල අධික ශබ්දයන් සිදුවන ආකාරයේ කටයුතු නොකරන ලෙසත් මීට අමතරව ප්‍රශ්න පත්‍ර ආරක්ෂා කර ගැනීමටත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ප්‍රශ්න පත්‍ර වංචාවන් සිදුකළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද සඳහන් කළේය.