අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි දාසය හැවිරිදි තරුණියක පැහැර ගැනීමට පැමිණිබව කියන වෑන් රථයක් සහ තරුණයන් හතර දෙනකු අලදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
අද (15) එම තරුණියනුගවෙල මහා විද්යාලයේදීසාමාන්ය පෙළ විභාගයේ අවසන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා කුළුගම්මන ඇය නවාතැන් ගෙන සිටි නවාතැන්පොල කරා යමින් සිටියදී යටිහලගල හන්දියේදී ඇය පැහැර ගැනීමට තැත්කළ අවස්ථාවේදී ඇය සමඟ සිටි තවත් පාසල් සිසුන් දෙදෙනෙකු එය වැළැක්වීමට උත්සාහ කළත් ඔවුන් තල්ලු කර දමා ශිෂ්‍යාව පැහැරගෙන යන අවස්ථාවේදී එම සිසුන්පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබේ .
ඇමතුම ලැබුණ වහාම ක්‍රියාත්මක වූ අලදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වෑන් රථය හඹා ගොස් සැකකරුවන් සහ ඔවුන් පැමිණි වෑන් රථය අත්අඩංගුවට ගෙන තිබේ .
පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරිනිකවන මෙම ශිෂ්‍යාව යුද හමුදා සේවයේ නියුතු තම සහෝදරයාගේ මාර්ගයෙන් හඳුනාගත් 24 හැවිරිදි කොස්ගම ප්රදේශයේපදිංචි විවාහක යුද හමුදා සෙබළෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමෙන් පසු එම ශිෂ්‍යාව ඔහු සමග ජීවත් වී ඇති බව පොලිසිය කියයි .
ශිෂ්‍යාවට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය බව දැනුම් දීමෙන් පසු ඔහු ඒ සඳහා අවසරදී ඇති අතර නුගවෙල මහා විද්‍යාලයේදී ඇය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව ඇය ඔහු සමග නැවත නොපැමිණෙනු ඇතැයි ඇතිවූ සැකයක් මත මෙසේ එම ශිෂ්‍යාව පැහැර ගැනීමට උත්සාහ කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි .
ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මහනුවර ජාතික රෝහලටඇතුලත් කොට තිබේ .