ආණ්ඩු පක්ෂයේ සිටිමින් ස්වාධීන වූ මන්ත්රීවරුන් 41 දෙනා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
මෙම හමුව පස්වරු 7.00ට ආරම්භවීමට නියමිතව තිබේ. මෙහිදී අන්තර්කාලීන ආණ්ඩුවක් සම්බන්ධයෙන් වන එම ස්වාධීන මන්ත්රීවරුන්ගේ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.