හපුතලේ දී ස්වයං නිරෝධායනයට යොමු කළ පුද්ගලයකු නිරෝධායනය කඩ කරමින් ඇඳිරිනීතිය නොතකා තවත් දෙදෙනකු සමඟ ලොරියකින් ගමන් කරමින් සිටියදී ඊයේ (12) රාත්‍රී බෙරගල නගරයේ දී අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලීසිය පවසයි .
හපුතලේ දෙදෙනෙකු හා බදුල්ල හාලිඇළ පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුට ගත් තිදෙනා දියතලාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බවද පොලීසිය පවසයි.
යුද හමුදාව අධීක්ෂණය යටතේ මෙම තිදෙනා කහගොල්ල ලටෙක් ඉංජිනේරු කාර්මික ආයතන නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක කාලයක් නිරෝධායනය වීමට නියමිත බව ද පොලීසිය පවසයි .
එස්.පි නානායක්කාර