2010 වසරේදී මුන්දලම පොලිස් වසමට අයත් කන්දතොඩුවාව ප්‍ර දේශයට නුදුරු ස්ථානයකදී පුද්ගලයින් දෙදෙනෙකු සමග එකතුව ස්ත්‍රියක බලහත්කාරයෙන් අපයොජනය කිරීමේ වරදට පුත්තලම අධිකරණයේ විභාගය වෙමින් තිබූ නඩුවක් මග හරිමින් ඕස්ට්‍රේලියාවට පැනගොස් නැවත දිවයිනට පැමින සිටි පුද්ගලයෙකු 28දා මුදුරන්කුලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවටපත්ව ඇත්තේ මදුරන්කුලිය, වැල්ලවත්ත පදිංචි විජිත ලක්මාල් නැමති පුද්ගලයෙකි.
අත්අඩංගුව පත් පුද්ගලයා සමග ඔහුගේ මිතුරකු සමග එකතුව 2010 වසරේදී කන්දතොඩුවාව ප්‍රදේශයට නුදරු ස්ථානයකදී ස්ත්‍රියක් බලයෙන් පැහැරගෙන ගොස් අපයොජනය කිරීම සම්බන්ධයෙන් අදාල සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගතව සිට අනුතුරුව ඇපලබා නඩුව විභාගය වෙමින් තිබියදී සැකකරු අධිකරණය මග හැර රටින් පිටව ගොස් ඇත .
අනතුරුව නඩුව ඒක පාරශිකව විභාගයකර නඩුවට ඉදිරිපත් වූ පුද්ගලයාට සහ අධිකරණය මග හැරිය පුද්ගලයාට වසර 17ක බරපතල වැඩසහිත සිරදඩුවමක් ලබාදී ඇත.
මෙම වරද සිදුකළ නඩුවට මුහුන දුන් පුද්ගලයා මේවන විට සිරදඩුවම් ලබා නිදහස් වී ඇත. ඒ අනුව අධිකරණය මග හැර ඕට්රේලියා රටේ සැගවසිට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ සිය නිවසේම රැදී සිටි අධිකරණයට අවශ්‍ය පුද්ගලයා මදුරන්කුලිය පොලීසියේ ක්‍රියාත්මක වීමෙන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද (29) අධිකරණයට ඉදිරපත් කිරීමට නියමිතය.
ලලිත් නවරත්න