රුපියල් හත් කෝටි තුන් ලක්ෂ හැට හතර දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සහල් ඇසුරුමක් තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ගුවන් මගියෙකු සහ ඔහු රැගෙන යාමට ගුවන් තොටුපොළ වෙත පැමිණි තවත් දෙදෙනෙකු 10/26 දින උදෑසන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කුකුළු ගොවිපළක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකි.
ඔහු ක්වාලාලම්පූර් සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 47 දරන ගුවන් යානයෙන් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ සහල් ඇසුරුමක බහා සගවා ගෙන කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 026 ක් බරැති අයිස් මත්ද්‍රව්‍ය තොගය ගෙනැවිත් තිබුණි.
සැකකරුව රැගෙන යාම සදහා වෑබොඩ ප්‍රදේශයේ 36 හැවිරිදි ටැක්සි රථ රියැදුරුවරයෙකු සහ ඔහුගේ සහායිකාව ලෙස 33 හැවිරිදි පානදුර වාද්දුව ප්‍රදේශයේ පදිංචි තරුණියක ද කාර් රථයකින් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් තිදෙනා ඔවුන් පැමිණි මෝටර් රථය සහ අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකරුවන් තිදෙනා රදවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට ද නියමිතය.