විවිධ ප්‍ර දේශවල වි අස්වැන්න නෙලිම ආරම්භ වි ඇති හෙයින් යළිත් සහල් ආනයන කාල සීමාව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව රජය සඳහන් කරයි.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපාකාර නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා පවසන්නේ මෙවර වී මිල දී ගැනීම් කටයුතු නිසි වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගන්නා බවය.
ලුනුගම්වෙහෙර පන්නෙගමුව වී ගබඩා සංකීර්ණය නවීකරණය කර වී ගබඩා කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට ලැමිණි අවස්ථාවේදි ඔහු මේ බව කිය.
සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.