මෙරටේ පාරිභෝගික ජනතාව මෙන්ම වෙළද ව්‍යාපාරිකයින් මුහුණපා ඇති සහල් ගැටලුවට තමන්ට විසදුම් ලබාදිය හැකි බවත් ඒ සඳහා රජය සහාය ලබා දෙන්නේනම් ඉදිරියේදී මෙරටේ සහල් අර්බුදයක් ඇති නොවීමට කටයුතු කරන බව පොළොන්නරුව දිස්ත්‍රීක් සුළු හා මධ්‍ය පරිමාණ පුබුදු සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
ඔවුන් මේ අදහස් පලකර සිටියේ පොළොන්නරුව දිස්හ්රීක්කයේ සුළු හා මධ්‍ය පරිමාණ පුබුදු සහල් නිෂ්පාදකයින්ගේ සංගමය අද (22) පෙරවරුවේදි පොළොන්නරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරීන් සාමාජික ජේ.එම්. නිලන්ත කුමාර ජයලත් මහතා මෙලෙස පැවසීයීය.
'' පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් 500 ක් පමණ තිබුණත් මේවනවිට ඉන් 90% ක් පමණ වැහිලා ගිහිල්ලා තියෙනවා,ඒකට හේතුව පැවති රජයන් ගත්ත තීන්දු තීරණ හා මහා පරිමාණ වී මොල් හිමියන් ගත්තු ක්‍රියා මාර්ග නිසයි, ඒ නිසා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් නිෂ්පාදනය කඩා වැටුනා,මේ රටේ මේ වනවිට නිර්මාණය වෙලා තියෙන සහල් අර්බුදයට හේතුවෙලා තියෙන්නෙ මේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් කඩා වැටීමයි.
ඒ නිසා මේ සහල් අර්බුදයට එකම විසදුම ලබා දිය හැක්කේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් නගා සිටුවොත් පමණයි.
මහා පරිමාණ වී මෝල් හිමියන් තමයි මේ සහල් අර්බුදය නිර්මාණය කලේ.අපි පාලන මිළට සහල් වෙළදපොලට ලබාදුන්නා. අපි වෙළදපොලට හාල් ලබා දුන්නෙරුපියල් 205 ට .
මහා පරිමාණ වී මෝල් හීමියන් වෙලද පොලට හාල් නිකුත් කලේ පාලන මිළටත් වැඩියෙන්. මේ සහල් අර්බුදය නිමාණය කලේම මේ මහා පරිමාණ හාල් හිමියන්. ඒ නිසා සහල් අර්බුදයට විසදුම් ලබාදිය හැක්කේ සුළු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ට පහසුකම් දීලා ඒ වී මෝල් හිමියන් නගා සිටුවහොත් පමණක් බවද ජයලත් මහතා කීය.
සමස්ත ලංකා පුබුදු සහල් නිෂ්පාදක සංගමයේ ලේකම් ආර්.එම්.එම්. අබේසිංහ මහතා මෙලෙස තම අදහස් ඉදිරිපත් කළේය.
" මේ රටේ සහල් නිෂ්පාදායෙන් 60%ක ප්‍රමාණයක් ලබා දෙන්නෙ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියනුයි.ඒ නිසා මේ රටේ සහල් සැපයීම සම්බන්ධයෙන් ව්ශාල දායකත්වයක් අපිට තියෙනවා,මේ මහා පරිමාණ වී මෝල් හිමියන් දවසකට වෙලදපොලට සපයන්නෙ ලක්ෂ 5ක් විතරයි, නමුත් අපිට වෙලදපොලට සහල් කිලෝ දවසකට ලක්ෂ 30 ක් සපයන්න පුලුවන්.
ඒ නිසා මේ රටේ සහල් ඒකාධිකාරිය මාෆියාවට විසදුම් දෙන්න පුලුවන්, හාල් කිලෝවක්වත් වෙලදපොලට නිකුත් කරන්නෙ නැති, වී මෝලක් නැති, එක එක සංගම් හදාගෙන ඉන්න සභාපතිවරු කියන මිනිස්සු තමයි මේ සහල් අර්බුදයට හේතුවෙලා තියෙන්නෙ,ඒ නිසා මේ හොරු මාධ්‍ය ආයතනවලට ගෙනල්ලා සාකච්චා කරන්න එපා කියලා ඉල්ලනවා,ඒ වගේම එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති කියන සභාපතිවරයා සහල් සම්බන්ධයෙන් කරලා තියෙන වංචාවන් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරලා නීතියානුකූලව දඩුවම් දෙන්න කියලා අපි ඉල්ලනවා,මේ සහල් ගැටලු විසදීම සඳහා විසදුම් ලබා දෙන්න අපි ලෑස්තියී. අපි ජනාධිපතිතුමාට කියනවා අපිව මේ සාකච්චාවලට කැදවන්න එතකොට අපි කියන්නන් අපි මේ සහල් අර්බුදය විසඳන හැටි.
ඒ වගේම ලබන කන්නයේදී රජය මැදිහත්වෙලා රජයේ ගබඩා වලට ගොවීන්ගේ වී විශාල ප්‍රමාණයක් මිළදී ගන්නවා කිව්වා, ඒක ඇත්තටම හොදයි. ඒ රජයට මිළදී ගන්නා වී තොග සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් වලට කොටන්න දෙන්න. එතකොට අපිට වෙළදපොලට පාලන මිළටත් අඩුවෙන් හාල් දෙන්න අපිට පුලුවන්. එතකොට මේ සහල් අර්බුදය ඉදිරියේදී ඇති නොවනු ඇති"
නිමල් ජයරත්න