පුපුරණ ද්‍රව්‍ය අළෙවි කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ දී පසුගිය රජය සමයේ රුපියල් බිලියන ගණනක වංචා සිදුව තිබෙන බවත් පාස්කු ප්‍රහාරයෙන් පසු සහරාන් කල්ලියට පුපුරණ ද්‍රව්‍ය ලබාදුන් පුද්ගලයින් හඳුනා ගත්තද ඔවුන් ගේ බලපත්‍ර තහනම් කර ටික කලකට පසු ඔවුන්ට නැවත බලපත්‍ර දුන් බවත් ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා පුපුරණ ද්‍රව්‍ය අළෙවිකරුවන් ගේ සංසදය සභාපති සූර්ය කුමාර විජේරත්න මහතා පැවසීය.
මහනුවර පේරාදෙණිය තානායමේ දී ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවක දී සමස්ත ලංකා පුපුරණ ද්‍රව්‍ය අළෙවිකරුවන් ගේ සංසදයේ නියෝජිතයින් මෙසේ පැවසිය.
පාස්කු ප්‍රහාරයෙන් පසු අළෙවිකරුවන්ට පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීම ආරක්ෂක අමාත්‍යාංශය මගින් නතර කළ බවත් මේ නිසා රටේ කළුගල් ආශ්රිත නිෂ්පාදන කටයුතු ඇන හිටීමෙන් ගැටලු රැසක් මතු වුණු බවද පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනීමට රුපියල් ලක්ෂ 25 ක මුදලක් පගාවක් ලෙස හිටපු ඇමාත්යවරුන්ට දෙන්නට සිදුවු බවද ඔවුන් පැවසිය.
පුපුරණ ද්‍රව්‍ය ආනයනයේ දී බෙදා හැරීමේ දී සහ සහ බලපත්‍ර නිකුත් කිරීමේ දී මෙම වංචා සිදුව තිබෙන බවත් ජනපතිවරණයට දින කිහිපයක් තිබිය දී හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පුපුරණ ද්‍රව්‍ය අළෙවි බලපත්‍ර ඔහු ගේ හා දේශපාලනඥයින් ගේ හිතවතුන්ට නිකුත් කර තිබෙන බවත් කි ඒ මහතා එම බලපත්‍ර වලට අදාළව මහව සහ මහනුවර ප්‍රදේශ වල මේ වනවිටත් ගබඩා ඉදිකෙරෙමින් පවතින බවද සදහන් කළේය.
වංචාව හා දූෂණය පිටු දැකීමට කටයුතු කරමින් සිටින වත්මන් ජනපතිවරයා යටතේ අපේ ගැටලු වලට සාධාරණ විසඳුමක් ලැබෙයි කියා තමන් සිතන බව ද සමස්ත ලංකා පුපුරණ ද්‍රව්‍ය අළෙවිකරුවන් ගේ සංසදය සභාපති සූර්ය කුමාර විජේරත්න මහතා පැවසීය.
පුපුරණ ද්‍රව්‍ය අළෙවි නියෝජිතයින් 82 නෙකු ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි වී සිටිනවා. ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ ඩොලර් හිඟය නිසා ඇමෝනියම් නයිට්රේට් හිඟ වුණු බවත් එතෙක් වෙළෙඳ අමාත්‍යාංශ්‍ය යටතේ තිබුණු රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මගින් පමණක් කළ ආනයන කටයුතු පෞද්ගලික අංශයටත් ලබා දීමට තීරණය කල බව සමස්ත ලංකා පුපුරණ ද්‍රව්‍ය අළෙවිකරුවන් ගේ සංසදයේ තාවකාලික ලේකම් රාජපක්ෂ සිඩ්නි ගුණතිලක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.
ඒ අනුව දේශපාලනඥයින් ගේ හිතවතුන් මෙරටට අමෝනියම් නටිට්රේට් ආනයනය කිරිමට පටන් ගත් බවත් රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මගින් රුපියල් 910 ට ලබාදුන් කිලෝව රුපියල් 2117 ට අළෙවි කරමින් අධික ලාභයක් ඔවුන් ලබා ගත් බව සදහන් කල ලේකම් වරයා මෙම මුදල් හිටපු රජයේ ප්‍රබලයින් අතර බෙදී ගිය බවට සැක කරන්නට ඕනෑ තරම් හේතු තිබෙන බවද සදහන් කළේය.
එහිදි අදහස් දැක්වු කේ.ඩී.එන් කෘෂාන්ත මහතා මෙසේ පැවසිය.
ආර්ථික අර්බුදය පැවති අවස්ථාවේ විදේශ රටක ලියාපදිංචි ව්‍යාපාරයක් තිබෙන මා මෙරටට ඇමෝනියම් නයිට්රේට් තමන් අපනයන කරන ලද බවත් එමගින් ශ්‍රී ලංකාවට අවශ්‍යය පුපුරණ ද්‍රව්‍ය රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට සහ පෞද්ගලික අංශයට පුපුරණ ද්‍රව්‍ය එකම මිලකට ලබා දුන් දුන්නද ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික ව්‍යාපාරිකයින් අධික ලාභයක් තබා ගනිමින් ඒවා අළෙවි කරත් දී එය පාලනය කිරීමට රජය කටයුතු නොකළේ ඇයිද යන්න ගැටලුවක් පවතින බවද සදහන් කළේය.