අන්තර්ජාලයේ පලකල දැන්වීමකට අනුව රුපියල් ලක්ෂ 33 මෝටර් රථය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු එය පරික්ෂා කරන මුවාවෙන් කොල්කාගෙන ගොස් තිබියදී දින 4 කට පසු වාද්දුව වේරගමදී අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ සීසීටීවී කැමරා දර්ශන 20 කට ආසන්න ප්‍රමාණයක දර්ශන පරික්ෂා කිරීමෙන් අනතුරුවය
ඉකුත් 17 වැනි දින සැකකරු මෝටර් රථය මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ එය පරික්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා මෝටර් රථයේ හිමිකරුද නන්වාගෙන හොරණ කණන්විල මාර්ගයේ ගොස් කනත්ත ආසන්නයේදී එන්ජින් එකේ දෝෂයක් පැමිණෙන බවට හඟවා මෝටර් රථය එකවරම තිරිංග තදකර නතර කර ඇතැයි පොලිසිය කියයි
එම අවස්ථාවේදී සැකකරු ඉදිරිපස බොනට්ටුව විවෘත කර ඇති අතර මෝටර් රථය හිමිකරු වම්පස දොර විවෘත කර මෝටර් රථයෙන් බැස එන්ජිම දෙසට යාමත් සමගම රියදුරු අසුනේ සිටි සැකකරු මෝටර් රථය ඔහු දෙසට එකවරම හරවා මෝටර් රථය වේගයෙන් පදවාගෙන පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව ඒ සම්බන්ධයෙන් හොරණ පොලිසියට ලද පැමිණිල්ලක් අනුව හොරණ කණන්විල සිට වාද්දුව දක්වා සීසීට්වීි දර්ශන 20කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂාවට ලක්කර සැකකරු මෝටර් රථයේ රැගෙන ගිය මාර්ගය හඳුනාගෙන සැකකරු ඔහුගේ නිවසේදී මෝටර් රථයත් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු මෝටර් රථ අලුත්වැඩියා කරන්නෙක් බවත් ,මීට පෙර කිසිදු හොරකමට පොලිසියට හසුවී නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.