සර් ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් තමන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන බවත් වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත එම ආණ්ඩුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබේ.
ඒ අනුව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්, පාර් ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හා මේ වන විට ස්වාධීනව කටයුතු කරන පක්ෂ නායකයන් සමග මේ පිළිබඳව සාකච්චාවක් එළැඹෙන 29 දා කොළඹ ජනපති මන්දිරයේදි පැවැත්වෙන බවත් ඒ සඳහා එක්වන ලෙසත් ආරාධනා කරමින් ජනපතිවරයා පක්ෂ නායකයන් වෙත ලිපියකින් දන්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී යොජිත සර් ව පාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක විය යුතු කාලසීමාව, එකී වගකීම් ලබාදෙන පුද්ගලයන් කවුද යන්න පිළිබඳව ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡා කරන බව අදාළ ලිපයේ වැඩිදුරටත් දැක්වෙයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_cd41549cfc.jpg)