සර්පයෙකු දශ්ඨ කල බවට කෘෂි කර්ම පර්යේෂණ, නිශ්පාදන සහකාර නිලධාරීයෙකු එම ස්ථානයයේම මරණයට පත්ව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව සිටියේ ගිරිල්ල ගොවිජනසේවා මධ්‍යස්ථානයට අනුයුක්තව කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීයෙකු ලෙස රාජකාරි කල එච්.එම්. සුනේද්‍ර හේරත් (50) නැමති දෙදෙරු පියෙකු බවද පොලීසිය පවසයි.
පදිංචි නිවසේ සිට කිලෝ මීටර් දෙක හමාරක් පමණ නුදුරින් පිහිටි,නිකවැරටිය පොලිස් වසමේ හීන්තඹල ප්‍රදේශයේ පිහිටි මරණකරුට අයත් වගා කරණ ලද අක්කර හතරක පමණ වූ ඉඩම , වන සතුන් ගෙන් සහ වල් අලින් ගෙන් ආරක්ෂා කර ගැණීම සඳහා විදුලිය පහන් දැල්වීමට ,පෙර දින රාත්‍රියේ එම ඉඩමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවද පොලීසිය සඳහන් කරයි .
මරණකරුගේ පනස් වෙනි උපන් දිනය 01 දා යෙදී තිබීී ඇති අතර ,බිරිඳ රාත්‍රි කෑම පිස , වගා බිමට ගිය සැමියා එනතුරු බලා සිටින අවස්ථාවේ රාත්‍රි 8.30 ට පමණ මරණ කරුගෙන් දුරකතන ඇමතූමක් ලැබී ,කෙඳිරි ගාමින් කතා.කර ඇති අතර නිවැසියන් වහා එම ස්ථානයට ගොස් ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
නිවැසියන් යතුරුපැදි වලින් එම ස්ථානයට යන අවස්ථාවේ කකුලේ ලේ ගලන තුවාලයක් සහිතව මරණකරු වගා බිම තුල වැටී සිට ඇති බවද , පසුව රෝහල් ගක කිරීම සඳහා 119 සුව සැරිය ගිලන් රථය එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර මොහු මරණයට පත්ව ඇති බව දන්වා ඇති අතර , පසුව හදිසි මරණ පරීක්ෂණය සඳහා සිරුර නිකවැරටිය මූලික රෝහල වෙත රැගෙන ආ බවද පොලීසිය සඳහන් කරයි.
නිකවැරටිය කොට්ඨාශ හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා ඉදිරියේ නිකවැරටිය මූලික රෝහලේදී හදිසි මරණ පරීක්ෂණය 02 දා සිදු කිරීමට නියමිතව තිබුණි .
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා