රජරට විශ්ව විද්‍යාලය සිදු කල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිව ඇති බව රජයේ විශ්ව විද්‍යාල උපකුලපති සංගමයේ සභාපති සහ රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගද්දර පැවසුවාය.
අනුරාධපුරයේදී ඊයේ (18) පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උපකුලපතිවරිය මේ බව අනාවරණය කළාය.ෙ
ලෝකයේ හොඳම ඉල්මනයිට් ලෙස සැලකිනය පුල්මුණේ ඉල්මනයිට් තුලින් රජරට විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ මහාචාර්ය මහාචාර්ය ආනන්ද කරුණාරත්න මහතා සිදු කල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිව තිබේ.
මෙතෙක් කල් ඉල්මනයිට් අපනයනය කිරීම පමණක් ලංකාව සිදු කල අතර සර්කෝනියම් නිෂ්පාදනය කිරීමෙන් ජෙට් එන්ජින්, ගුවන් යනා, අභ්‍යාව කාශ පටල, සෙරමික්, බල්බ පිලමන්ට් ආදිය සඳහා මෙය යොදා ගත හැක.
මේ වන වන විට ලංකාවේ ක්‍රියාත්මක විශ්ව විද්‍යාල (17) අතුරින් පර්යේෂණ අංශයෙන් ලංකාවෙන්ම රජරට විශ්ව විද්‍යාලයට ප්‍රථම ස්ථානයට පැමිණීමට හැකිවී ඇති බවද මහාචාර්ය සංජීවනී ගිනිගද්දර සඳහන් කළාය.
රජරට විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක කෘෂිකර්ම,ව්‍යවහාරික විද්‍යා,සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර,වෛද්‍ය සහ සමාන්තර විද්‍යා යන පීඨ සහ පීඨාධිපතිවරුන්ගෙ කැපවීමද මේ ජයග්‍රහණය ලබා ගැනීමට විශාල පිටිවහලක් වූ බව ඇය පැවසුවාය.
පර්යේෂණ වෙනුවට පර්යේෂණ නිෂ්පාදන සඳහා අවධානය යොමු කර රැකියා මවන්නන් බවට රජරට විශ්ව විද්‍යාලයේ කටයුතු කර ඇති බව පෙන්වා දෙන උපකුලපතිවරිය කොම්පෝස්ට් නිෂ්පාදනය, මොඩ්ල් ෆාම් ,සංචාරක මොඩ්ල් ෆාම් ,ජාත්‍යන්තර පුහුණු හුවමාරු වැඩ සටහන් ආදී විශාල වැඩ කොටසක් මේ වනවිට ක්‍රියාත්මක බවද කීවාය.එමෙන්ම තවත් මාස දෙකකින් දේශගුණික විපර්යාස නිරීක්ෂණ මධ්‍යස්ථානයක්ද ආරම්භවන බව ඇය අනාවරණය කළාය.
රජරට විශ්වවිද්‍යාලය 1996 ජනවාරි 31වන දින ලංකාවේ දාහතරවැනි (14)විශ්ව විද්‍යාලය ලෙසට ආරම්භ වී පසුගිය කාලයේ ලෝකයෙන්ම වෙබ්මිතික (සියලු මෙහෙයුම්) ශ්‍රේණිගත කිරීම් වලට අනුව හය දහසේ සීමාව ඉක්මවා සිටී රජරට විශ්ව විද්‍යාලය 3015 වන ස්ථානයට රැගෙන ඒමටද හැකි වූ බව මහාචාර්යවරිය සඳහන් කළාය.
ලංකාවෙන්ම විශ්ව විද්‍යාල අතුරින් 2013 වසරේ 13වන ස්ථානයේත් 2021 වසරේ 8 වැනි ස්ථානයෙත් සිට මේ වනවිට හයවන ස්ථානයට පැමිණීමට හැකි වූ බවද ඇය සඳහන් කළාය.
වසර හතරම නේවාසික පපහසුකම විද්‍යාර්ථයින්ට අඛණ්ඩව සපයන ලංකාවේ එකම විශ්වවිද්‍යාලය රජරට විශ්ව විද්‍යාලය වන අතර විවිධ ව්‍යාපෘති විවිධ පාඨමාලා රැසක් ක්‍රියාත්මක බවද මහාචාර්යවරිය කීවාය.
තවත් පශ්චාත් උපාධි පහක් සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අවසරය ලබා ගැනීමටද නියමිත බවද මහාචාර්ය සංජීවනී ගිනිගද්දර සඳහන් කළාය.