අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර තමාට හැකි පරිදි තම නිවසේ සාමාජිකයන් සමග සිදුකිරීමට හා සරළ ආහාර ද්‍රව්‍ය සකසා ගෙන අදාළ චාරිත්‍ර ඉටුකරන ලෙසත් බුද්ධශාන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් බන්දල හරිස්චන්ද්‍ර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එසේම තම නිවසේ සිටම ආගමික කාර්යයන් ඉටුකරන ලෙසත් පවත්නා තත්ත්වයතුළ නිවසින් බැහැරට යාමට හෝ විවිධ උත්සවාදිය සංවිධානය කිරීම සිදු නොකළ යුත බවත් ලේකම්වරයා දන්වා සිටියි.
දිවයින පුරා පවත්නා වත්මන් පීඩාකාරී තත්ත්වය හේතුවෙන් අලුත් අවුරුදු චාරිත්‍ර සිදුකිරිම පිළිබඳව ක්රියාකලයුතු ආකාරය දැක්වෙන නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසයි.