විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය භාරගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති ජාතික යොවුන් සේනාංකයේ දඹුල්ල හෝටල් පුහුණු පාසලේ දෙවන කණ්ඩායම සඳහා සහතිකපත්‍ර ප්රදානය හා එක්වූ අවස්ථාවේදීය.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, යොවුන් සේනාංක අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් R. M.S.P. රත්නායක, දඹුල්ල හෝටල් පුහුණු පාසලේ විදුහල්පති මේජර් M.D.B. ඉලංගසිංහ, අතිරේක අධ්‍යක්ෂක ( පාලන හා මූල්‍ය ) නීතිඥ R.නිශාන්ත පුෂ්පකුමාර, අතිරේක අධ්‍යක්ෂක ( පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය ඇතුළු තවත් නිළධාරීන් සහභාගී වූහ.
අ.පො.ස. සාමාන්‍යපෙළ සහ අ.පො.ස. උසස්පෙළ විභාග හරහා විශ්ව විද්‍යාල පද්ධතියට ප්‍රවේශ වීමට නොහැකි තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය මඟින් දැනුම සහ නිපුණතාවය ලබා දීම අත්‍යාවශ්‍ය බවත්, ඒ තුළින් ඔවුන් ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. ලබන වසර තුලදී මෙම වෘත්තීය පුහුණුව ලත් තරුණ තරුණයින්, අනෙකුත් අමාත්‍යංශ හා සම්බන්ධ කරමින් රටේ ධනය උත්පාදනය කිරීමේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වැඩපිළිවෙලකට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය.
ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙල, සමස්ත රාජ්‍ය පද්ධතියම ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල හා Clean Sri Lanka වැඩපිළිවෙල ද ඉදිරි වසරේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. රටේ තරුණ තරුණියන් ජාත්‍යන්තර මානව වෙළඳපොළ ඉලක්ක කරගත් ආර්ථිකයේ ශක්තිමත් කොටස්කරුවන් බවට පත් කිරීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.