විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා අද(18දා) කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති සඳහන් කරයි.
මෙම විරෝධතාවය පැවැත්වීමෙන් පසු ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් අද(18දා) සවස රැස්වන බවද පෙන්වා දෙයි.
පවතින ගැටලු විසඳන ලෙස ඉල්ලා ආරම්භ කළ වැඩවර්ජනයට අදට (18දා) දින 48ක් ගත වී තිබෙන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති සඳහන් කරයි.
ගැටලුවලට විසඳුම් ලබා දීම ප්‍රමාද කරන නිසා එයට එරෙහිව පසුගිය 14 දින සිට විරෝධතා ව්‍යාපාර ආරම්භ කළ බවත් මේ අනුව විශ්වවිද්‍යාල මූලික කරගනිමින් 14වන දින දිවයින පුරා විරෝධතා පැවැත් වූ බවද එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.
එම ක්‍රියාමාර්ගයට අනුවත් ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකළ නිසා සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් අද (18දා) කොළඹට පැමිණි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බවද පෙන්වා දෙයි.
2016 වසරේදී රාජ්‍ය සේවකයන්ට ඉහළ දැමූ වැටුප් අනධ්‍යයන සේවකයන්ට මෙතෙක් ලබා දී නොමැති හෙයින් වැටුප් ඉහළ දැමීම සිදුකරන ලෙස ඉල්ලා හා මාසික හිලව් දීමනාව ඉහළ දමන ලෙස ඉල්ලා මැයි 02 වැනි දින සිට වැඩර්ජනයක් ආරම්භ කරනු ලැබිණ.